Cataract Surgery Campaign – 2026
ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරැන්ගේ මගින් සංවිධානය කරන Gift of vision Sri Lanka වැඩසටහන යටතේ මෙම වසර තුල පවත්වනු ලබන පළමු වැඩසටහන ලෙස බදුල්ල ශික්ෂණ රෝහලේ රෝගීන් 500 ක් සදහා ඇසේ සුද ඉවත් කර කාච යෙදීමේ වැඩසටහනක් 2026-01-31 දින දින ආරම්භ විය.
Helpage ආයතනයේ හා අනූපම් කැන්ඩන්මාල්ස් මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ මේ සදහා යොදාගනු ලබන කාච 500 නොමිලේ පරිත්‍යාග වශයෙන් ලැබුන අතර මෙම වැඩසටහන ඇසේ සුද ඉවත් කර කාච දමාගැනීම සදහා රජයේ රෝහල් වල විශාල රෝගීන් පිරිසක් පොරොත්තු ලේඛන වල රැදී සීටීම හේතුවෙන් ඒම පිරිස ඉලක්ක කර බදුල්ල ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය විය.
මෙහිදී රෝගීන් 300 දෙනෙකුගේ සැත්කම් අද දිනයේදීත් රෝගීන් 200 කගේ සැත්කම් හෙට දිනයේදීත් සිදුකරීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර දින මේවන විට රොගීන් 280ක පිරිසකගේ සැත්කම් සිදුකර රෝහලින් මුදා හැර ඇත. මෙම සැත්කම් සදහා ශල්‍යාගාර A හා අක්ෂි ශල්‍යාගාරය ක්‍රිියාත්මක වන අතර ජනවාරි 31 හා පෙබරවාරි 01 දින උදෑසන 4 සිට රාත්‍රී 8 දක්වා මෙම ශල්‍යාගාර වල ශල්‍යකර්ම සිදුකෙරුණි.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය බදුල්ල ශික්ෂණ රෝහලේ නව ශ්‍රවණාගාරයේදී 2026 ජනවාරි 31 දින උදෑසන 8.30ට පමණ ආරම්භ වු අතර ඒ් සදහා
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර
- ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා
- ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සභාපති විශේෂඥවෛද්‍ය කේ.ආර් දයාවංශමහතා
- බදුල්ල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හිමාලි විජේගුණසේකර මහත්මිය
- විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය හා කැළණිව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්‍ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය සැල්විින් කරහිනආරච්චි
- ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතා
- Helage ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද ද සිල්වා මහතා
- බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය නුවන් නානයක්කාර මහතා
- බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය නිරුත්තන් කුමාරවඩිවෙල් මහතා
යන අය සහභාගී වු අතර
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය හෙද කාර්ය මණ්ඩලය හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හා සමස්ථ රෝහල් කාර්ය මණ්ඩයේම පූර්ණ කැපවීම මත මෙම වැඩසටහන සාර්ථකව සිදු කරගෙනු යනු ලබයි.






































































































































































































































