රෝහල් කමිටු පත් කිරීම

නෛතික පසුබිම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත අංක ( 219 වන අධිකාරිය ) සෞඛ්‍යය සේවා පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු රෝහල් කමිටු සාමාජිකයින්ගේ දැනගැනීම සඳහා දක්වා ඇත.

රජයේ හෝ අධ්‍යක්ෂකවරයාගේ නියෝජිතයෙකු වශයෙන් හෝ එම කමිටුව විසින්ම හෝ කිසියම් වියදමක් හෝ බැදීමක් හෝ දැරීමට හෝ වෙනත් කවර කොන්ත්‍රාත්තුවකට හෝ වගකීමකට ඇතුළත් වීමට බලතල හෝ අවසර දීමක් හෝ කවර හෝ රෝහලක සේවයේ යෙදී සිටින කවර තරාතිරමක පුද්ගලයෙකු සේවායෝජකයකු වශයෙන් අදහස් නොකල යුතුය.

කවර හෝ රෝහල් මණ්ඩලයක රෝහල් කමිටුවක සාමාජිකයකු කිසිම හේතුවක් නොදන්වා නිලයෙන් ඉවත් කිරීමට ගරු අමාත්‍යවරයාට බලය ඇත.එවැනි ඉවත් කිරීමක් අවසාන හා තීරණාත්මක ඉවත් කිරීමක් වන අතර කිසිම අධිකරණයක / විනිශ්චය සභාවක ප්‍රශ්න කිරීමට නොහැක.

රෝහල් කමිටු විසින් ස්වකීය කටයුතු කරගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ දක්වන රෙගුලාසි පිළියෙළ කිරීමට අමාත්‍යවරයාට පිළිවෙන. එසේ පනවා ඇති රෙගුලාසි ඇත්නම් ඒවාට යටත්ව ස්වකීය කටයුතු නියමානුකූලව කරගෙන යාමට කවර හෝ මණ්ඩලයකට හෝ කමිටුවකට හැකියාවක් ඇත.

රෝහල් කමිටු පත් කිරීමේ අරමුණ

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන හා බාහිරව ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පැමිණෙන අසරණ රෝගීන්ට අවශ්‍ය සත්කාර සේවා අඛණ්ඩව සා නිසි පරිදි පවත්වාගෙන යාම තහවුරු කිරීමටත්, ඒ සඳහා පැමැණෙන බාධාවන්ට මුහුණ දිය හැකි පරිසරයක් රෝහල තුළ නිර්මාණය කිරීම මෙන්ම රෝහල් සංවර්ධනය උදෙසා මාර්ගෝපදේශයන් ලබා දීමත් රෝහලේ කමිටු තුළින් බලාපොරෝත්තු වේ.

Download Full Document

Always they help us

Hospital Commitee Events

Propofol Injection 10 ක් ලබාදීම

2022.12.02 වන දින පැවති රෝහල් කමිටු රැස්වීමේදී නිර්වින්දන කටයුතු සදහා අවශ්‍ය propofol injection 10 ක් ලබාදීමට රෝහල් කමිටුව විසින් කටයුතු කරන ලදි.

ECG Paper Roll පරිත්‍යාගය

රෝහල් කමිටු සාමාජික දේවදාස් මහතාගේ සම්බන්ධීකරණයෙන් එස්. ප්‍රබාකරන් මහතා විසින් ECG Paper Roll අද දින (2022-11-17) පරිත්‍යාග කරන ලදී.

කමිටු සාමාජිකයන්

සුගත් කිත්සිරි මහතා

ලේකම් (නිළ බලයෙන්)