ABOUT බෞද්ධ සංගමය

පළාත් මහ රෝහල - බදුල්ල

බෞද්ධ සංගමය

පළාත් මහ රෝහල – බදුල්ල

මෙහෙවර

“තථාගත දහමින් සැනසුණු සිතකින් තෘප්තිමත් සේවයක් සැපයීම.”

දැක්ම

“බුදු දහම ප්‍රායෝගික ජීවිතයට එක් කර ගනිමින්, සුවපත් මනසකින් මානව දයාවෙන් යුතුව ව්‍යාධි දුකින් සිත සුවපත් කිරීම.”

“දසබලසේලප්පභවා නිබ්බාන මහා සමුද්දපරියන්තා,

අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතු! “

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

(සංයුක්ත නිකාය – සලායතන වර්ගය – උද්දාන ගාථා)

2020.09.03 දින පත්වූ නිළධාරි මණ්ඩලය

අනුශාසක මණ්ඩලය :-

  • පූජ්‍ය කිතල් ඇල්ලේ පේමානන්ද ස්වාමින් වහන්සේ

  • ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය නෙළුම්දෙණිය මයා

  • වෛද්‍ය ආර්. එම්. ඒ. සමන්ත මයා

  • ප්‍ර. වි. ශ්‍රේ. හෙ. නි. දර්ශන වීරසේකර මයා

  • ගරු සභාපති අධ්‍යක්ෂ, වෛද්‍ය උපුල් කරුණාරත්න මයා

  • උප සභාපති    වෛද්‍ය නිලාන් ප්‍රියංකර මයා සහ හෙද නිලධාරි අනුර වනසිංහ මයා

  • සම සභාපති නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මයා

  • ගරු භාණ්ඩාගාරික රෝහල් ගණකාධිකාරි වසන්ත කුමාර මයා

  • උප භාණ්ඩාගාරික ප්‍ර.රා.ක.සහකාර ලලිත් රණසිංහ මයා

  • ලේකම් හෙද සොයුරි ඒ.එන්.ආර්. ලියනගේ මිය

  • උප ලේකම් රෝහල් ඕවසියර් ධම්මිකා රොඩ්රිගෝ මිය

කාරක සභාව – රෝහලේ සියලුම අංශයන්හි අංශ ප්‍රධානීන් කාරක සභාවට අයත් වේ.

බෞද්ධ සංගමය විසින් ඉදිරියේදී සිදු කිරීමට සුදුසු යැයි ඔබ විසින් අදහස් කරනු ලබන නව යෝජනා සහ අදහස් ලිඛිතව නව ලේකම්තුමිය වෙත භාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.